32 C
Colombo
Saturday, September 18, 2021
- Advertisement -spot_img

පොහොර ඉල්ලා අම්බලන්තොට ලුනම ගොවින් දෙවන දිනටත් විරෝධතාවයක

Must Read

වගා කර ඇති යල් කන්නයේ කුඹුරුවලට පොහොර ඉල්ලා ලුණම ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීහු දෙවන දිනටත් 16 වනදා පෙරවරුවේ ලුණම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට දැඩි විරෝධතාවයක නිරිතවිය.

ලියන්ස්තොට ව්‍යාපාරයේ සහ මහවැලි ව්‍යාපාරය යටතේ වගා කරන ලුණම ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ගොවීන්ට පොහොර බෙදා දීම සිදු කරනු ලබන්නේ ලුණම ගොවිජන සේවා මධ්‍යස්ථානය මගිනි .

එමෙන් දැනට වගා කර ඇති කුඹුරු අක්කර 1800 කට අදික ප්‍රමාණයක් සඳහා පොහොර යෙදීමට නියමිතව තිබුනත් ඒ සදහා අවශ්‍ය පොහොර මේ වනතෙක් නොලැබීම නිසා තම ගොයම් ගස් විනාශ වෙමින් තිබෙන බවයි ගොවින් පේනවා දෙන්නේ.

මේ ආකාරයෙන් ආකාරයෙන් පසුගිය 11 වනදාද කුඹුරු සදහා පොහොර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ලුණම ගොවි ජනසේවා නිලධාරීන් පවසා ඇත්තේ 16 වනදා පොහොර ලබාදෙන බවයි, ඒ අනුව අද (16) දින පොහොර ලබාගැනීමට පැමිණි ගොවිට පොහොර ලබා නොදීම නිසා මේ ආකාරයෙන් නැවතත් විරෝධතාවක් පවත්වන බවයි ගොවින් පවසා සිටින්නේ.

අම්බලන්තොට ලුණම ගොවිජනසේවා මධ්‍යස්ථානයේ ස්ථානභාර නිළධාරිණියගෙන් මේ සම්බන්දයෙන් විමසීමේ දි ඇය කියා සිටියේ තමාට කිසිදු ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවයි.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ට්විටර් පණිවිඩයක්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img