32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

සමුපකාර සේවකයන්ටත් කොවිඩ් එන්නත් ලබාදෙන්න

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

කොවිඩ් එන්නත ලබාදීමේදී මෙරට සමුපකාර සේවකයන්  සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඔවුන්ට කඩිනමින් කොවිඩ් එන්නත ලබාදීමට  වහාම කටයුතු කරන ලෙස  රජයෙන්  ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් සමුපකාර බලමණ්ඩලයේ සභාපති ඒ. බෙසිල් සේනාධීර මහතා  පැවැසීය.

මෙරට කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමග පොදු ජනතාව අතර හා පොදු ස්ථානවල නිරන්තරයෙන් ගැටෙමින් අත්‍යවශ්‍ය සේවා සැපයුමෙහි ප්‍රමුඛතම ක්‍රියාවලියක් සිදු කරනු ලබන්නේ  සමුපකාර ව්‍යාපාරයේ නිතර සේවකයන් බවත් ඔවුන්ගේ  හා ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව උදෙසා   කොවිඩ් එන්නත කඩිනමින් ඔවුන්ට ලබාදීමට රජය  පියවර ගත යුතුව ඇතැයිද ඒ මහතා කීය.

සමුපකාර ව්‍යාපාරයේ නිරත පිරිස්  මේවනවිටත් සමාජයට නිරාවරණය වෙමින් රජය විසින් වරින්වර ගෙන එනු ලබන විවිධ අණපනත්වලට හා රජයේ අවශ්‍යතාවලට අනුගත වෙමින්   අත්‍යවශ්‍ය සේවාවන්ගේ නිරත වෙමින් සිටින බවත් ග්‍රාමීය බැංකු සේවකයන්, ඉන්ධනහල් සේවකයන්, සමුපකාර ප්‍රාදේශීක සේවකයන්, කොප්  සිටි වෙළෙඳ සේවකයන්, ප්‍රධාන කාර්යාලය සේවකයන් ඇතුළු සමුපකාර ව්‍යාපාරයේ නිරත සෑම සේවකයෙකුම නිරන්තරයෙන් පොදු මහජනතාව සමග ගැටෙන සේවකයන් බවද ඒ මහතා පැවැසීය.

කොවිඩ් අවධානමද නොතකා පොදු මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවල සිටිමින් මෙරට ජන ජීවිතයට සෘජු ලෙස බලපාන අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, ඉන්ධන සැපයීම, ග්‍රාමීය බැංකු කටයුතු සිදු කරගෙන යාම, ජංගම වෙළෙදාමේ යෙදීම වැනි අත්‍යවශ්‍ය සේවාවන්ගේ යෙදී සිටින සමුපකාර ව්‍යාපාරයේ නිතර සේවකයන්  සඳහා කඩිනමින් කොවිඩ් එන්නත්කරණය සිදු කිරීමට පියවර ගන්නා ලෙස   රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -