32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

තෙල් මිල වැඩි කිරීමෙන් ජනතාව කබලෙන් ලිපිට – පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

කොරෝනා වලින් පීඩාවට පත්ව සිටින අවස්ථාවක ආණ්ඩුව ඉන්ධන මිලත් ඉහළ දැමීමෙන් ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවත් මේ නිසා මතුවන ආර්ථික අර්බුද හමුවේ වැඩිම පීඩාව විඳින්නේ ගෘහණියන් බවත් සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.
මේවන විට බොහෝ පිරිසක් රැකියා අහිමිව හෝ අඩ වැටුප් ලබමින් විශාල ගැටලු රැසක් මධ්‍යයේ ජීවිකාව ගෙනයමින් සිටින බවත් එවැනි අවස්ථාවක තෙල් මිල වැඩි කිරිම ඔස්සේ සිදුවන භාණ්ඩ මිල ඉහළ යාම ජනතාවට කිසිසේත් දරාගත නොහැකි බවත් ඇය ප්‍රකාශ කළාය.
ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධව අදහස් දක්වමින් ඊයේ (16) මන්ත්‍රීවරිය මේ බව පැවසුවාය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කවිරත්න මහත්මිය මෙසේද කීවාය.ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මුළුතැන්ගෙයි අර්බුදයක් මතුවීම නිසා අද මෙරට සමස්ත කාන්තාවෝ දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා.සැමියා ගෙන එන මුදල් නිවසේදී නිසි ලෙස කළමනාකරණය කරමින් වියදම් කරන්නේ බොහෝ විට බිරිඳ විසිනුයි.ගෙදරට ලැබෙන මුදල අඩු වුණාම ඒ මුදල කළමනාකරණය කර ගැනීමට ඇය විශාල මහන්සියක් ගන්නවා.එවැනි වෙලාවක මේ ආකාරයට ඉන්ධන මිල වැඩි කළාම එහි බලපෑම වැඩියෙන්ම එල්ල වන්නේ කාන්තාවටයි.මොකද සියලු භාණ්ඩ මිල මේ නිසා ඉහළ යනවා.අතට ලැබෙන සොච්චම් මුදල අසීරුවෙන් කළමනාකරණය කරගනිත්දී තවත් වියදම් වැඩි වෙන තත්ත්වයක් ආණ්ඩුව විසින් ඇති කරනවා නම් ඒකට ජනතාවාදී ආණ්ඩුවක් කියන්න පුළුවන්ද?.

කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේ පරිප්පු, සැමන් සහන මිලට දෙන්න ආණ්ඩුව කටයුතු කළා.අද ඒ මොනවත් නැහැ.ජනතාවට යහමින් එක වේලක් හරි කන්න බැරි තත්ත්වයක් දැන් රටේ ඇති වෙලා.මේ විදිහට බඩු මිල ඉහළ ගියොත් ජනතාව මැරෙන්නේ කොවිඩ් වලින් නොව කන්න නැතුවයි.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -