32 C
Colombo
Saturday, September 18, 2021
- Advertisement -spot_img

රජය හා ගොවින් අපහසුතාවයට පත් කිරීමට සැගවූ සහන පොහොර මිටි දහසකට අධික ප්‍රමාණයක් එලියට

Must Read

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ටන්ගේ ඇස් වසා මස් ප්‍රවාහනය  ශීතකරණ ලොරියක පොහොර සැඟවුණු අපූරු සිද්ධියක් හෙළිදරව් කර කරගැනීමට මාතලේ  පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාලධාරීන් කණ්ඩායමකට පොසොන් පොහෝ දා පස්වරුවේ හැකිවී තිබේ.

   මාතලේ දිස්ත්‍රික්කයට අයත් හෙට්ටිපොළ  මාරක ප්‍රදේශ්යේ මහා පරිමාණ  ව්‍යාපාරිකයාපාරිකයෙකු විසින් ඉතා සූක්ෂම ලෙස රජය හා ගොවින් අපහසුතාවයට පත් කරන ආකාරයෙන් විශාල පොහොර තොගයක් සගවා අලෙවි කිරීම්කින් තොරව ගබඩා කොට ඉතා සීමිත ප්‍රමාණයක්   වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත මාතලේ දිස්ත්‍රික් ලේකම් වරයාගේ උපදෙස් පරිදි මාතලේ  පාරිභෝගික  නිලධාරීන් කණ්ඩායමක් වැටලීම්ක් සිදු කරන්නට වූහ.

 එහිදී රජයේ  සහනාධාර පොහොර මිටි දහසකට ආසන්න ප්‍රමාණයක් ගබඩාවක සඟවා තිබියදී අනාවරණය කර ගැනීමට හැකි වූ බව මාතලේ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණු කුමාර මහතා පැවසීය.

 මෙසේ සොයාගත් සඟවා  තිබූ පොහොර මිටි 1000 රජයේ අනුමත මිල වන පොහොර මිටියක් රුපියල් 1500 බැගින් එම අවස්ථාවේම ප්‍රදේශයේ ජනතාවට නිකුත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණු කුමාර මහතා වෙළඳසැල් ව්‍යාපාරිකයාට නියෝග කළේය.

පසුව එම ස්ථානයේ රැඳී සිටියදී තවත් තොරතුරක් රේණුක කුමාර මහතාට ලැබුණේ ඊට කිලෝ මීටර් කිහිපයක් දුරින් පිහිටි ස්ථානයක ද මේ ආකාරයෙන් පොහොර තොග සඟවා ඇති බව ය

ඒ අනුව වෙළඳ සැල් හිමියාට පොහොර අලෙවි කරන ලෙස නියෝග කොට එම ස්ථානයේ මිල ගණන්ද ප්‍රදර්ශනය කළ මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණුක  කුමාර මහතා ඇතුළු පිරිස ලද තොරතුර පරික්ෂා කිරීමට එම ස්ථානයෙන් පිටත්ව යන්නට විය.

 පැය කිහිපයකට පසුව නැවතත් රේණුක කුමාර මහතාට  තොරතුරක් ලැබුණේ මෙම පොහොර සඟවා තිබූ ව්‍යාපාරිකයා ඉතා සූක්ෂම ලෙස  පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ගේ ද ජනතාවගේද   ඇස් වසා  ශීතකරණ  කරන ලොරිය එම ස්ථානයට ගෙනවිත් ගබඩාවේ තිබූ විශාල පොහොර තොගයක් එම සීතකරණ ලොරියට පටවා ලොරිය තුළ සැඟ වූ බවය.

 වහා ක්‍රියාත්මක වූ පාරිභෝගික නිලළධාරීන් කණ්ඩායම එම ස්ථානයට පැමිණ පොහොර අලෙවි කරන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු ව්‍යාපාරිකයාගේ නිවස ආසන්නයේ නවතා තිබූ මෙම ශීතකරණ ලොරි රථය පරීක්ෂාකර බලන්නට විය .ශීතකරණ ලොරි රථයේ තිබී තවත් ගවා තිබූ පෝර මිටි සියයකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව රේණුක කුමාර් මහතා පැවසීය.

 දඩි ලෙස අවවාද කළ රේණුක කුමාර මහතා ව්‍යාපාරිකයාට කියා සිටියේ තමන්ගේ වගා බිමක් ඇත්නම් ඊට අවශ්‍ය පොහොර තොග පමණක් තබාගෙන ලොරි රථයේ සැඟවූ සියලු පොහොර ප්‍රදේශ්යේ ගොවි ජනතාවට  රජයේ සම්මත මිලට නිකුත් කරන ලෙසය.

 පොහොර මිලදී ගැනීම් සඳහා පැමිණි ප්‍රදේශවාසීන් දැඩි ලෙස මෙම ව්‍යාපාරිකයාට  චෝදනා කරන්නට වූයේ තම වගාවන් වලට අවැසි පොහොර නොමැතිව බව පවසමින්න් ඉතා සූක්ෂම ලෙස වැඩි මිලට පොහොර සැඟ වූ බවය

 මෙම ව්‍ව්‍යාපාරිකයා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා මෙම කූට උපක්‍රම භාවිතා කරන බවත් එමගින් ප්‍රදේශයේ ගොවි ජනතාවට ලැබිය යුතු පොහොර නියම කාල වකවානුවට ලබා නොදී සැඟ වූ බවද ප්‍රදේශවාසී ගොවීන් චෝදනා කරන්නට වූහ

ප්‍රදේශ්යේ ගොවි ජනතාව  නීතිරීති උල්ලංඝනය කරමින්   පොහොර මිලදී ගැනීම් සඳහා පොර කන  අයුරු ද එහි ගිය අපට දැක ගැනීමට හැකි විය. ගබඩාවේ තිබූ සියලු පොහොර ගොවීන් වෙත අලෙවි කිරීමෙන් පසුව ලොරි රථයේ සඟවා තිබූ පොහොර තුළද ගොවීන්ට අලෙවි කිරීම එම ස්ථානයේදීම පාරිභෝගික නිලධාරීන් ගේ  අධීක්ෂණය යටතේ සිදු කරන්නට විය.

 මාතලේ දිස්ත්‍රික් ලේකම් එස් .කේ .පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර මහතා ඇතුළු දිස්ත්‍රික් වැටලීම්  නිලධාරීහු මෙම පොහොර වැටලීම් සඳහා එක්ව සිටියහ.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ට්විටර් පණිවිඩයක්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img