32 C
Colombo
Saturday, September 18, 2021
- Advertisement -spot_img

වතු පාලන අධිකාරියට විරෝධය පාමින් වතු කම්කරුවන් පිරිසක් තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ගේට්ටුව අසල සත්‍යග්‍රහයක් ආරම්භ කරයි

Must Read

බගවන්තලාව වැවිලි සමාගමට අයත් කොටියාගල තේ වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වතු පාලන අධිකාරියට විරෝධය පාමින් (30) දින උදැසන එම තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අසල සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.

වැටුප් පරිපාලක සභාව විසින් තමන්ට වැඩි කල රු දහසක දෛනික වැටුප ලබාදිමට වතු පාලන අධිකාරිය විසින්  අමු තේ දළු කිලෝ 18 නෙලන ලෙසට බලපැම් කරන බවත්,එසේ අමු තේ දළු කිලෝ 18 නෙලිමට ප්‍රතික්ෂේප කරන වතු කම්කරුවන්ට නෙලන තේ දළු ප්‍රමාණයට පමණක් කිලෝවට රු 40 බැගින් ගෙවිමක් සිදු කරන බවයි සත්‍යග්‍රහයේ නියැලි සිටින වතු කම්කරුවන් කියා සිටින්නේ.

වතු පාලන අධිකාරිය තමන්ට පවසන පරිදි අමතර තේ දළු කිලෝ 5 ක් නෙලිය නොහැකි බවත්,දැනට දිනකට නෙලන අමු තේ දළු කිලෝ 13 ට අමතරව තවත් අමු තේ දළු කිලෝ 2 ක් පමණක් නෙලා දිය හැකි බවයි සත්‍යග්‍රහයේ නියැලි සිටින වතු කම්කරුවන් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය මත දැනට මාස දෙකක කාලයක් තිස්සේ වතු පාලන අධිකාරිය සමග මෙම ගැටළුව පවතින බවත්,එම මාස දෙකේ කාලය තුල තේ දළු කිලෝ 18 ක් නෙලිම ප්‍රතික්ෂේප කිරිම නිසා වතු පාලන අධිකාරිය විසින් තමන්ට දෛනිකව ලබාදෙන වැඩ දින ගණනද අඩු කිරිම නිසා තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින බවයි සත්‍යග්‍රහයේ නියැලි සිටින කෙටියාගල වතු යායේ වතු කම්කරුවන් කියා සිටින්නේ.

මෙම ගැටළුවට විසදුමක් ලැබෙන තෙක් තමන් සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවද සත්‍යග්‍රහයේ නියැලි සිටින වතු කම්කරුවන් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අප එම වතු යායේ පාලන අධිකාරියෙන් කල විමසුමකට ඔහුන් කියා සිටියේදි රු දහසක වැටුප් වැඩි කිරිමත් සමග වතු කම්කරුවන්ට දෛනික වැටුප් ගෙවිම සදහා දැනට නෙලන අමු තේ දළු ප්‍රමාණය කිලෝ 18 ක් විය යුතු බවයි.

එම තේ දළු ප්‍රමාණය නෙලා තිබිමට හැකියාව තිබියදි තම වතු යායේ ඇතැම් කම්කරුවන් එම තේ දළු ප්‍රමාණය නෙලිම ප්‍රතික්ෂේප කිරිම හමුවේ තේ කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවධානමක් පවතින බවයි.

තම වතු යායට අයත් කොටස් කිහිපයකම වතු කම්කරුවන් එම තේ දළු ප්‍රමාණය නෙලා වතු පාලන අධිකාරියට සහයෝගය ලබාදෙන බවත්, ඇතැම් වෘත්තිය සමිති වල සමාජිකයන් විසින් එම තේ දළු ප්‍රමාණය නෙලිම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ට්විටර් පණිවිඩයක්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img